Sunday, January 8, 2012

තනි තරුව

 තනි තරුව
ස‍‍‍‍ද ළගට වී තනි රකිනා
රෑ අහසෙහි තනි තරුවක්
විදින මුත් සිසිලස සදෙහි
කෙලෙසක නම් සද ලබන්නද....
නුඹ ළගට වි සිනාසෙන මා
ලබන මුත් සෙනෙහස නුඹෙ
කෙලෙසක නම් නුඹ පතන්නද...
අමාවක දා තරුව අතහැර
සද සැගවී දුරට යන මුත්
අහස් කුසෙහි තනි වී තරුව
    තාමත් සද වෙනුවෙන්.....
දහසක් පැතුම් පීදුනත් අපෙ

නුඹ මා පැරදී දිනෙක,,
වෙන්ව ගියොත්!
      සගවා ගනිමි දුක

පැතුම් පුරන්නෙමි මතු සසරක
ලබන්නට ඔබ වසත් කාලෙක......

No comments:

Post a Comment