2011 මැයි, ජුනි මාස කිහිපයෙම වැඩියෙන් කතා බහට ලක් වුණු මාතෘකාව තමයි "නායකත්ව පුහුණුව".
- මෙය සාර්ථක ද?
- අැත්තටම ඒස්.බී. දිසානායක,මෙහි නිර්මාතෘට වුවමනා කළ දෙ ලැබුනද?
- රජය වියදම් කළ ඒකට ප්‍රතිඵලයක් ලැබුන ද?
- සහභාගී වූ අය කාගෙත් පෞර්ෂ්‍ය වර්ධනය වෙලා ද?
ඒ දවස් වල තිබුණු කතා බහත් ඒක්ක බැලුවම අපි ඒකට ගියෙ පුදුම බයෙන්.හමුදා පුහුණුවක් කියලනෙ කවුරුත් කීවෙ.ඉතින් බය හිතෙන් නැද්ද? මාවනම් තේරුනෙ බූස්ස නාවික හමුදා කදවුරට.ඒ නිළධාරින් අපිව සාදරෙන් පිලි ගත්තා. "First impression is the last impression" කියන්න වගෙ ඔන්න අපිට පැහැදීමක් අැති වුණා. හිතපු තරම් යකා කළු නෑ කියා හිතුනා.දවසක් දෙකක් යනවිට දැනුණා ඒක හමුදා පුහුණුවක් නෙවෙයි නායකත්ව පුහුණුවක් කියලා... 
හැමදාම උදෙ 5ට විතර අවදි වෙලා 6 වෙනකොට අපි PT වලට ගියා.මමනම් හරි අාසයි PT යන්න.ඒත් සමහර මගෙ යාළුවන් ඒකට ගියෙ මරන්න යනව වගෙ.පොත් ගුල්ලන්ට ඒ දෙවල් විෂය වෙන්නෙ නෑනෙ. ඉතින් PT ඉවර වෙලා කෑම කාලා ඔන්න ඉතින් කාටත් වගෙ නීරසම, lectures අහගෙන ඉන්න යනවා..පැයක් දෙකක්නම් කමක් නෑ පැය 7ක් විතර! උදෙ 10ට,දවල් 12ට,හවස 3ට විවෙකයන් තිබුණා. අැත්තටම ඒ lectures ක්‍රමයටනම් කවුරුවත් කැමති වුණෙ නෑ.. ප්‍රථමාධාර,නීතිය,ගැටුම් කළමනාකරණය,භෝජනාගාර පිළිවෙත්,නායකත්වය.. වගෙ මාතෘකා යටතෙ lectures තිබුණෙ.
බාධක තරණය,කදු නැගීම,දරා ගැනීමෙ පා ගමන්,ක්‍රීඩා තරග ළමයින්ගෙ සිත් අැදගත්ත තවත් ක්‍රියාකාරකම් කිහිපයක්.
ගෙදරින් පිට වෙලා ඉදලා නැති ළමයින්ට මෙය අගනා අත්දැකීමක් වුණා.සහයොගයෙන් කටයුතු කරන්න අපිව හුරු කළා.අපෙ අනාගත ජීවිතය ගත කරනකොට අපිට අන්‍යන්ගෙ උදවු අවශ්‍යයි,ඉතින් අනාගතෙ විවිධ ක්ෂෙත්‍ර වල නියැලෙන්න ඉන්න මිතුරු කැළක් ඒකතු කර ගන්න හැකි වුණා.අැත්තටම ඒක ගොඩක් වටිනවා.ප්‍රථමාධාර වගෙ දෙවල් අපෙ ජීවිත වලට හැමදාම වටිනවා.
මෙවන් වාසි ඉන් අපිට ලැබුණත් ඒකෙන් ප්‍රයොජනයක් ගත්තෙ නැති අය ඔන තරම් ඉන්නවා.කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ.හැංගිලා,මුළු ගැන්විලා ඉන්න ළමයි ඒකෙන්වත් ප්‍රයොජනයක් ගත්තෙ නැති අවස්ථා අනන්තයි. ඉතින් 100% ක් ප්‍රතිථල රජයට ලැබුණෙ නෑ.
සමහර අය කියන්නෙ "හොදට කාලා බීලා ජොලියෙ ඉදලා අාව" කියලා.
පොලොන්නරුව වගෙ දුෂ්කර පළාත් වලට වැටුණු අයනම් "අපොයි ඒපා වුණා" කියාගෙන අාවෙ.
හැම දෙයකම හොදක් වගෙම නරකක් තියෙනවා.. ඉතින් අවසානෙ කියන්න තියෙන්නෙ ඒ ධර්මතාවය මෙකී වැඩසටහනටත් පොදුයි කියලා තමයි



No comments:
Post a Comment